News Line| Off Air
Generic placeholder image

Jul
12

අද කාලගුණය

440 Views


අද කාලගුණය

අද දින බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත් වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post