News Line| Off Air
Generic placeholder image

Jul
12

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 දක්වා ඉහළට

527 Views


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 දක්වා ඉහළට

අද වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2511 ක් බවට පත්ව තිබේ. මෙසේ රෝගීන් ගණන ඉහල යන්නේ ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 57 දෙනාත් සමගිනි.

ඊයේ දිනයේ හමු වූ ආසාදිතයින් අතරින් 4 දෙනෙකු එකසත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ තිබු අතර කුවේට් සිට පැමිණි එක් අයෙක්ද ඒ අතර වනවා.

අමතරව රාජාංගණය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු හදුනාගත් අතර ඔවුන් ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වනවා. එමෙන්ම තවත් රෝගීන් 43 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකු කන්දකාඩු මධ්‍යස්ථානයේ පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම මේ වන විට දිවයින පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් 520 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post