News Line| Off Air
Generic placeholder image

Jul
13

තංගල්ල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසදිතයෙක් හමුවෙයි

9173 Views


තංගල්ල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසදිතයෙක් හමුවෙයි

තංගල්ල ප්‍රදේශයේ පවුල් 09 යකට අයත් පුද්ගලයින් 19 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ කොරෝනා ආසාධිත රෝගියෙකු වාර්තා වීම හේතුවෙන්.

ඔහු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කල 25 හැවිරිදි හමුදා සාමාජිකයෙක්. එම ආරක්ෂක නිලධාරියා පසුගිය 07 වනදා නිවාඩු ලබා තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස වෙත පැමිණ තිබුණා . අදාල පුද්ගලයා සම්බන්ධයෙන් දිගින් දිගටම pcr පරීක්ෂණ සිදු කරන බවයි වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පැවසුවේ.

ඔහු ඇසුරු කල පවුල් 09 කට අයත් පුද්ගලයින් පිරිසක් මීගමුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට පැමිණ තිබෙන අතර මාතර සිට නෙටොල්පිටිය හන්දිය දක්වා කතරගම බලා ධාවනය වූ බස් රථයකින් පැමිණ ඇති බව සියත ප්‍රවෘත්ති වෙත වෛද්‍ය නිලධාරී වරයා සදහන් කලේ.

එම ආරක්ෂක නිලධාරියා තංගල්ල බස් නැවතුම් පලේ ඉහල මහලේ ඇති රුපලාවන්‍යගරයකට පැමිණ කොණ්ඩය කපා සුපිරි වෙළෙද සලකට ද ඔසු සැලකටද පැමිණ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post