News Line| Off Air
Generic placeholder image

Jul
14

කේරල ගංජා කිලෝ 400 ක් නාවික හමුදා අත්අඩංගුවට

563 Views


කේරල ගංජා කිලෝ 400 ක් නාවික හමුදා අත්අඩංගුවට

මෙම වැටලීම සිදු කර තිබෙන්නේ මණ්ඩතිව් දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේදී. අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම මිලියන 60 කි. සිද්ධිය පිලිබදව තවදුරටත් විමර්ශන සිදු කරන බවයි නාවික හමුදාව සදහන් කලේ.

මේ අතර මුල්ලේරියාව ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝගන් මත ප්‍රශ්න කිරීම සිදු කල සැකකරුවෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බවයි සිදු කල ප්‍රශ්න අනාවරණ වී තිබුණේ.

කැලණිමුල්ල ප්‍රදේශයේ නිවසක වල දමා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 300 ක් පසුගිය 10 වනදා සොයාගෙන ඇත්තේ සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ කර ගත් තොරතුරු මතයි.


News Articles
Latest Videos
Most Popular Post