News Line| Off Air
Generic placeholder image

Jul
14

මොණරාගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වෙයි

1533 Views


මොණරාගල  ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වෙයි

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල සියඹලාණ්ඩුව විලඔය සහ බුත්තල උණවටුන ප්‍රදේශයේ පදිංචි සෙබළුන් දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මිට පෙර සති තුනකට ඉහතදී ඔවුන් රාජකාරි වලින් නිවාඩු ලබා සිය නිවෙස් වලට පැමිණ තිබෙන අතර නැවත රජකාරි කටයුතු සදහා කදවුරට පැමිණි අවස්ථාවේ සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයෙන් අනතුරුව මෙලෙස ඔවුන් කොරෝනා ආසාදිතයින් බව හදුනා ගෙන තිබෙනවා.

මේ අනුව ඔවුන් ලගින් ඇසුරු කල ඔවුන්ගේ නිවෙස් වල පුද්ගලයින් සහ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post