මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ 5 වැනි දිනය අදයි. අද දිනයේ ආරක්ෂක අංශවල සාමාජිකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට, ලබන 20 සහ 21 යන දෙදින, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.
මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති තැපැල් ජන්දදායකින් සංඛ්‍යාව හත්ලක්ෂ පන්දහස් අසූපහකි.
මහ මැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත තිබෙනවා.