News Line| Off Air
Generic placeholder image

Jul
18

කොරෝනා ආසාදිතව මිය යන විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් වන්දි මුදලක්

900 Views


කොරෝනා ආසාදිතව මිය යන විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් වන්දි මුදලක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදෙස්ගත රැකියා නියුක්තිකයින් අතරින් කොරෝනා ආසාදිතව මරණයට පත් වුවන් සඳහා රක්ෂණ වන්දි පිරිනමන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විටත් එසේ මරණයට පත් වූ විදෙස් ශ්‍රමිකයන් 20 දෙනෙකුගේ ලිපි ගොනු සකස් කරමින් තිබෙන බව දැනුම් දෙන අතර මෙසේ ලියාපදිංචි ශ්‍රමිකයින්ගේ සාමාන්‍ය මරණයකදී ගෙවන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 05 ක් වන බවත් කොරෝනා ආසාදිතව මිය යන එම ශ්‍රමිකයින් වෙනුවෙන් එම මුදල ගෙවන බවද ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම 2020 මාර්තු මස 16 න් පසුව ලියාපදිංචි වී විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා එම රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 06 දක්වා වැඩි කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ වන විටත් මැද පෙරදිග කලාපයේ රටවල රැකියා වල නියුතුව සිටියදී ශ්‍රී ලාංකිකයින් 40 ක් පමණ කොරෝනා ආසාදිතව මිය ගොස් තිබෙන බවද වාර්තා වල සටහන්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post