මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2724 ක් දක්වා ඉහල දමමින් ඊයේ දිනය තුලදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු සොයා ගෙන තිබෙනවා.
ඉන් 9 දෙනෙකු සවුදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට ඇති අතර කහතුඩුව කන්දකාඩු ආසාදිතයින්ගේ අශ්‍රිතයින් තිදෙනෙකුද මේ අතරට එක් වනවා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි 2 ක්, කටාර් සිට පැමිණි 3 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 2 ක් ද මේ අතරට එකතු වනවා. ඔවුන්ද නිරෝධායනය වෙමින් සිටි අයයි.
එමෙන්ම නිරෝධායනය වෙමින් සිටි පැල්මඩුල්ල ප්‍රදේශයේ කන්දකාඩු අසදිතයින්ගේ ආශ්‍රිතයෙකුද මේ අතරට එක වනවා.
ඒ අනුව සමස්ත ආසාදිතයින් 2724 යි. සුවය ලැබූ සංඛ්‍යාව 2035 ක් වන අතර 678 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වනවා.