මෙවර මහා මැතිවරණයට සමගාමී තැපැල් ඡන්ද විමසීම අදින් අවසන් වනවා. ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පුද්ගලයින්ට අද දිනයේ තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වනවා.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 13 වන අදින ඇරඹි අතර එය දින 7 තිස්සේ ප්‍රකාශ කිරීමට සිදු වුවා. එමෙන්ම රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමු අතර ඒ සඳහා අද දිනයේ දින ප්‍රකාශ කිරීමට නියමිතයි.
මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු ආගමික ස්ථාන උපකාරී කර ගනිමින් සිදු කිරීම පිලිබඳ පැමිණිලි රැසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබීම හේතුවෙන් එසේ නොකරන ලෙස සියලු දේශපාල පක්ෂ හා කණ්ඩායම් වලින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා. එසේ තවදුරටත් සිදු කරන මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.
එමෙන්ම එවන් කටයුතු වලින් ඉවත්වී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආගමික නායකයින්ගෙන් හා පුජකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.