නීති විරෝධි මත්පැන් නඩුවකින් නිදහස් වූ පුද්ගලයෙකුට යළි නඩු පවරන බවට සඳහන් කරමින්, සැකකරු මාසිකව රුපියල් 5000 බැගින් අල්ලස් ලබා ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ වැටලීමකින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි විරසුරිය මහත්මිය පවසා තිබෙන්නේ, සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලීසියට අනියුක්තව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ සේවයේ නියුතු නිලධාරියෙකු බවයි.
පවසන අන්දමට ජුනි මාසයට අදාළ අල්ලස් මුදල ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.