කොවිඩ් – 19 වැලැක්වීම සදහා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කල නියෝග ක්‍රියාවට නංවන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව දැනුම් දී ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින්.
සෞඛ්‍ය අමාත්‍යවරිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කල සෞඛ්‍ය රෙගුලාසි පිලිබදව දේශපාලන පක්ෂ කිසිදු අවදානයක් යොමු නොකරන බව එමගින් දක්වා තිබෙනවා.
නිරෝධායනය හා රෝග වලක්වා ගැනීමේ ආඥා පනතේ 06 වන වගන්තිය අනුව මෙම නියෝගය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එහි සදහන්.