News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 2752ක් දක්වා ඉහළ යයි

1007 Views


මෙරට  හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 2752ක් දක්වා ඉහළ යයි

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (22) දිනයේ වාර්තා වූ නව රෝගීන් 22ත් සමගයි.

එම රෝගීන් 22 අතරින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post