News Line| Off Air
Generic placeholder image

Jul
23

අයිස් සමග සුරාබදු නියාමකවරයෙක් අත්අඩංගුවට

711 Views


අයිස් සමග සුරාබදු නියාමකවරයෙක්  අත්අඩංගුවට

පුත්තලම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් සමග සුරාබදු නියාමකවරයෙක් ඇතුළු 08 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කල වැටලීමකදී.

බුද්ධි අංශ තොරතුරකට අනුව අදාල වැටලීම සිදු කර තිබු අතර අත් අඩංගුවට පත් වූ 08 දෙනා අතර කාන්තාවන් 04 දෙනකුද ඇතුලත්. ඔවුන් සමග තවත් පිරිමි පුද්ගලයින් 03 දෙනකු පුත්තලම කලපුව ආසන්නව පැමිණ තිබුනේ සුරාබදු නිලධාරීන්ට මත්කුඩු ලබා දීම සදහායි.

එම ස්ථානයට සුරාබදු නියාමකවරයා ඇතුළු සුරාබදු ස්ථානාධිපතිවරයෙකුද පැමිණ තිබෙන අතර ඔවුන් සමග පැමිණි වහනයෙන් බැස මත් කුඩු ගෙනා සැකකරුවන් සමග කතිකා කර තිබුනේ සුරාබදු නියමක වරයායි.

එම අවස්ථාවේදී මෙම වැටලීම සිදු කර තිබෙන අතර සුරාබදු ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේ පලා ගොස් තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය වැඩි දුරටත් සදහන් කළා.

අත්අඩංගුවට පත් වුයේ පොළොන්නරු සුරාබදු කාර්යාලයට අනුයුක්තව කටයුතු කල සුරාබදු නියාමකවරයෙක්.


News Articles
Latest Videos
Most Popular Post