අද වන විට බොහෝ රටවල්වල ජනගහන වර්ධන වේගය අඩු වීමක් දක්නට ලැබෙනවා. ජනගහනය වර්ධන වේගය පහළ යාම නිසා රටකට මුහුණ දීමට සිදුවන ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. එනම්,
ජනගහන වර්ධන වේගය පහළ යාම සංවර්ධනය නොවූ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට වාසි දායක කරුණක් වනවා. එනම් අද වන විට හොද අධ්‍යාපනයක් සහ වෘත්තිය මට්ටමක් ඇති කාන්තාවන් දරුවන් අඩු ප්‍රමාණයක් බිහි කිරීමට පෙළඹී සිටීමයි. බොහෝ විට මෙය එක දරුවෙකුට මෙය සිමා වනවා. මෙය අඩු අදායම් ලබන රටවල් වලට යහපත් කරුණක් වන්නේ එරට කාන්තාවන් වැඩි වශයෙන් ශ්‍රම බලකායට එක් වීමයි. තවද අධ්‍යාපනයට හා සෞඛ්‍යයට රජයෙන් වෙන් කල යුතු මුදල් ප්‍රමාණය අඩුවී වෙනත් ආයෝජනයක් සඳහා යෙදවිය හැකි වීමයි.
මීළඟ කරුණ වන්නේ මැදි වයසේ හා මහලු වන පිරිස වැඩි වීම නිසා රටක එකවර විශ්‍රාම ගන්නා පිරිසද ක්‍රමයෙන් වැඩි වීමයි. මේ හේතුවෙන් විශ්‍රාම ගැනීමට වඩා ඔවුන් විශ්‍රාම ගන්නා වයස වැඩි කර රැකියාවේ යෙදවීමට වග බලා ගත යුතුය. එනම් නවතම වාර්තා වලට අනුව අඩු අදායම් ලබන රටක් වන සිරියාව ගත් කල වර්තමයේ ඉපදෙන දරුවෙකුගේ සෞඛ්‍යය සම්පන්න ආයු කාලය 2000වසරේ ඉපදුන දරුවෙකුගේ සෞඛ්‍යය සම්පන්න ආයු කාලයට වඩා වසර 5කින් වැඩි වී තිබෙනවා. ඉහල අදායම් ලබන රටවල ඉපදෙන දරුවන්ටද එනම් එංගලන්තයේ වර්තමානයේ ඉපදෙන දරුවෙකුගේද සෞඛ්‍යය සම්පන්න ආයුකාලය 2000වසරේ දරුවෙකුට සාපේක්ෂව වසර 3කින් වර්ධනය වී තිබෙනවා. මේ අනුව තරුණ පිරිසට සාපේක්ෂව ලෝකයේ වැඩ කරන ජනතාව අවුරුදු 50ට අසන්න වීමට ඇති ප්‍රවනතාව වැඩි වී තිබෙනවා.
තවත් කරුණක් වන්නේ රටවල් අතර දේශසිමා මායිම් ඉවත් කිරීම හෝ විවෘත කිරීමට පියවර ගැනීමයි. එයට හේතුව උපත් පාලන අනුපාතය හා සෞඛ්‍යය සම්පන්න ආයු කාලය එකම සමිකරණයේ දෙපැත්තක් ලෙස දැක්විය හැකි නමුත් ජනගහන වර්ධන වේගය අඩුවීමත් සමඟ පැන නගින තවත් ප්‍රධාන කාරණයක් වන්නේ පුද්ගල සංක්‍රමණය සිදුවීමයි. සංක්‍රමනයත් සමඟ පුද්ගලයන් තම සහකරු හෝ සහකාරිය වෙනත් රටකින් සොයා ගැනීමට පෙළඹීමේ ප්‍රවනතාව වැඩිවී තිබෙනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස අනාගතයේදී විවිද සංස්කෘතීන් හා ජනවාර්ගික වශයෙන් මිශ්‍ර වීමක් දැකිය හැකි වනවා.
තවත් කරුණක් වන්නේ දරුවන් රැක බලා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක ආධාර ලබා ගැනීමට සිදු වීමයි. එනම් අඩු අදායම් ලබන රටවල කාන්තාවන් එක් දරුවෙකුට වඩා උපත ලබා දීමේ ප්‍රවනතාව වැඩි බැවින් එවන් පවුල්වල ජනතාවට ජිවන ආධාරයක් ලබා දීමට ගෝලීය වශයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමයි. මිට අමතරව විශ්‍රාම වැටුප් වයස වැඩි කිරීමට පියවර ගැනීමට සිතා සිටින අතර තම පවුල වෙනුවෙන් කැපවීමට කාලයක් ලබා දෙමින් රැකියාවේ නිරත වීමට ඉඩ සලස්වන වැඩ පිළිවෙලක් සකස් කිරීමට යෝජනා වී තිබෙනවා.
තවත් කරුණක් වන්නේ සෞඛ්‍යය සම්පන්න ආයු කාලය කොතරම් වැඩි වුවත් වයසක පුද්ගලයන්ට ඔවුන්ගේ වයස හා සාපේක්ෂව අදාල අවශ්‍යතාවන් විශේෂ වීමයි. මේ හේතුවෙන් ඔවුන්ව ප්‍රවේශමෙන් රැකබලා ගැනීම සිදු කල යුතුයි. මෙය ඔවුන්ගේ ජිවිත කාලය අවසානය දක්වාම සිදුකලයුතු ක්‍රියාවක්. එනම් සෞඛ්‍යය අංශ සහ සමාජය වයසක පුද්ගලයන්ව රැක බලා ගැනීමට හැකි වන අයුරින් පුහුණු වී තිබීමයි. මේ හේතුවෙන් මතුවන අනාගත අවශ්‍යතාවය සඳහා දැන් පටන් නිවැරදි ශ්‍රම බලකාය පුහුණු කිරීමට ලෝකයේ රටවල් වග බලා ගත යුතු වනවා.
අවසාන කරුණ වන්නේ ජනගහනය අඩු වීමෙන් ආර්ථික වර්ධනය, ජනගහන වර්ධනයට සාපේක්ෂව පරිසරයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වී තිබීමයි. එනම් රටක සිටින මිනිසුන් ගණන අඩු වීමෙන් පරිසරය සුරැකීම පිලිබන්ධව අවධානය යොමු කිරීමට හැකි බැවින් මෙය පරිසරයට යහපත් ලෙස බලපෑමක් ඇති කරනු ඇති බව විචාරක අදහසයි. ඔවුන් මෙසේ පවසන්නේ ආර්ථික වශයෙන් දියුණු රටවල් තම රටේ කාබන්ඩයොක්සයිඩ් ( CO2 ) ප්‍රමාණය අඩු කිරීමට තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කිරීමට පෙළඹීම උදාහරණයක් ලෙස දක්වමිනි.