News Line| Off Air
Generic placeholder image

Jul
23

නොසැලකිලිමත් රියදුරන්ට වැඩ වරදී

957 Views


නොසැලකිලිමත් රියදුරන්ට වැඩ වරදී

රියදුරන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට යොදා ගත හැකි උපාය මාර්ගයක් ලෙස රියදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ.

මෙම ක්‍රමය තුළින් නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන මාර්ග අනතුරුවල දී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු තීරණය වේ.

මාර්ග අනතුරු සිදුකළහොත් එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහළට රියන්දුරන්ගේ බලපත්‍රවලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවෙයි.

අවසානයේ ලකුණු 0 දක්වා කැපී ගිය පසු රියදුරු බලපත්‍රය අහෝසි වෙනු ඇත.

මෙම ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post