මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා මේ වන විට සැළසුම් කරමින් පවතින බවත් එහි අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව යෝජිත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහල තුළ පිහිටුවීමට නියමිතය. එම වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල යොදා ගැනීමට යෝජනා වී තිබෙන අතර කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීම සඳහා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.