News Line| Off Air
Generic placeholder image

Jul
24

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද ලෙඩවෙයි

499 Views


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද ලෙඩවෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. ඒ ,පසුගියදා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව පවසමිනි.

ඊට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 7 ක් කොරොනා මර්දන රාජකාරිවලින් හා ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වුණා. ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ගැටලුවට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post