යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් පසුගිය රජයේ තීරණ ගැනීමේ නොහැකියාව නිසා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පලකලේ අද දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පවතී රැස්වීමක් අමතමින්. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලවේග හමුවේ මෙරට රණවිරුවන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිය ලබාදෙන ලෙසයි.
2015 යුද්ධය නිමා කිරීමෙන් පසුව මත්ද්‍රව්‍ය හා පාතාලය සාර්ථක ලෙස මැඩ පැවැත්වීමට සමත් වූ බවත් පැවති රජයේ දුර්වලතා නිසා පාස්කු ප්‍රහාරය එල්ල වීමත්, මත්ද්‍රව්‍ය උවදුර හා පාතාල ක්‍රියා සීග්‍රයෙන් ඉහළ යාමත් සිදු වී ඇති බව පෙන්වා දුන්නා.
එක්සත් ජාතික පක්ෂ රජයක් පවතී සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව දෙසට ජාත්‍යන්තර බලපෑම් බරපතල ලෙස එල්ල වූ බව සිහිපත් කල අග්‍රාමාත්‍ය වරයා සඳහන් කලේ එවැනි අවස්ථා වලදී ඔවුන් එම බලපෑම් වලට සහය දැක්වීමට කටයුතු කල බවයි.