සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් කළ ඉල්ලීමට අවධානය යොමු කරමින් පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබෙනවා. ඔහු මේ අදහස් පළකර සිටියේ දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදීයි.
මේ සමගම නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට උපදෙස් ලබා දුන්නා.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස්කරන බවයි.