මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 11 ක් පුරා දියත් කල මහජන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද සිට අවසන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දින සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
මොවුන් මෙම තීරණය ගත්තේ ඊයේ අගමැතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.