මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනපති කොමිසම වෙත සිදු කල දැනුම් දීමේ ප්‍රතිචාරයක් වශයෙන් ජනපති කොමිසම විසින් කැදවන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙතින් සිදු කරනු ලබන අදහස් විමසීම් අත් හිටුවන ලෙසට සියලු මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ මැතිවරණයක් පවතින පසුබිමක එවන් ප්‍රකාශයන් තුලින් යම් පක්ෂයෙක් හෝ අපේක්ෂකයෙක් අගතියට පත් විය හැකි බවට මැතිවරණ කොමිසම විසින් පෙන්වා දී ඇති හෙයින්.
කෙසේ වෙතත් කැදවන සාක්ෂිකරුවන් කොමිසම තුල සිදු කරනු ලබන ප්‍රකාශ මාධ්‍ය වෙත මුදා හැරීමට මින් බාධාවක් නොවන බවයි ජනාධිපති කොමිසමේ සභාපති වරයා වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.