News Line| Off Air
Generic placeholder image

Jul
29

නිල ජන්ද පත්‍රිකා බෙදීම් කටයුතු අදින් අවසන්

648 Views


නිල ජන්ද පත්‍රිකා බෙදීම් කටයුතු අදින් අවසන්

රාජාංගණයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම පෙරවරු 9.00 ට ආරම්භ කෙරුනා. තැපැල් ජන්ද භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකයින් ගණන 420 ක්. එම ප්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම ට නොහැකි වුයේ කොරෝනා රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමත් සමගයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පැවසුවේ තැපැල් ජන්ද විමසීම මධ්‍යස්ථාන 05 කදී ක්‍රියාත්මක බවයි.

එමෙන්ම නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන් වුණා . එම ජන්ද පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට තැපැල් කාර්යාල වෙත ගොස් හෙට සිට අගෝස්තු 05 වනදා තෙක් අනන්‍යතාවය තහවුරු කොට එම ජන්ද පත්‍රිකා ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post