News Line| Off Air
Generic placeholder image

Jul
30

මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල වී අදට වසර 10 යි

678 Views


මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල වී අදට වසර 10 යි

සදාචාරසම්පන්න මාධ්‍ය කලාවක් මෙරටට හදුන්වාදීමේ පුරෝගාම්යකු බවට පත්වු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය මෙරට මාධ්‍ය කේෂ්ත්‍රය තුළ සුවිශේෂි සලකුණු රැසක් තබා ජන හදවත් තුල ආදරණිය මෙන්ම වගකීම් සහිත විශ්වසනීය මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රචලිත වි අවසන්.

අප මෙම පැම්ණි ගමන තුළ විවිධ බාධා කරදර සහ නොයෙකුත් හැලහැප්පීම් වැටීම් මෙන්ම නැගිට්මිද තිබු වාර අනන්තයි. ඒ අතරේ පසුගිය 2010 වසරේ ජුලි මස 30 වනදා එනම් මිට වසර 10කට පෙර අද වැනි දිනක වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ හුණුපිටිය වැව පාරේ අංක 117/10 ස්ථානයේ පිහිටි අප ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වුනා. ගොඩනගාගනිම්න් තිබුණු මෙරට සදාචාරසම්පන්න මාධ්‍ය කලාවට මෙන්ම මෙරට සමස්ථ මාධ්‍යන්ටත් රටේ ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතියටත් මෙරට සියතට එල්ල වු ප1හාරය මරු පහරක් බවට පත් වුනා. සියත ටිවි, සියත එෆ්.එමි , ස්ටාර් තම්ල් රේඩියෝව සහ ස්ටාර තම්ල් රූපවාහිනි නාළිකාව සහ ඉංග්‍රිසි නාළිකාවන් වන රියල් රේඩියෝ, කිස් එෆ්.එමි, ඇතුළු මෙරට ප්‍රධානතම භාෂාවන් ත්‍රිත්වයෙන්ම වැඩසටහන් මෙහෙයවන ගුවන් විදුලි සහ රූපවාහිනි නාළිකා 6කින් සමන්විත වන අප ආයතනයට එල්ල වූ මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබදව මෙතෙක් නිල තොරතුරු වාර්තා වි නොමැත.

මෙම ප්‍රහාරය සමිබන්ධයෙන් 2010 වසරේ ජුලි 30 වැනි දිනම පොලිස් පරීක්ෂණ අරමිභ වු අතර ඒ සමිබන්ධයෙන් අධිකරණයටද පොලිසිය තොරතුරු වාර්තා කර තිබෙනවා.

දැනට වසර 10 ක් ගතවෙද්දදි විවිධ පාලන සමයන් පසුකර තිබුණද සියතට මෙන්ම සිරසට ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකට එල්ල වු ප්‍රහාරයන් සහ මාධ්‍යවේදින්ට එල්ල වු ප්‍රහාරයන් පිළිබදව ජනතාවට සතුටට පත්විය හැකි ආකාරයේ පරීක්ෂණ ක්‍රියාත්මක වූයේද යන්න පිළිබදව පවතින්නේ ප්‍රශ්ණාර්ථයක් පමණයි.

දහස් ගණනක දස දහස් ගණනක නොව මිලියන ගණනක් කෝටි ගණනක් වටිනා අප ආයතනය සතු දේපල එදා ගිනිබත් වෙද්දි කිසිවෙකුටත් අපගේ ශක්තිය අපගේ ධෙෙර්ය අපගේ එකමුතුභාවය බිදහෙළිමට හැකියාවක් ලැබුනේ නැහැ. යළිත් මෙවන් වු විපත් කරදර මාධ්‍ය ආයතන වලට පමණක් නොව වෙනත් කිසිදු හෝ ආයතනයකට සිදුනොවන්නට නමි සිදුවිය යුත්තේ එවැනි අපරාධ සිදු කළ පුද්ගලයින්ට එරෙහිට නීතිය ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කරුණු කාරණා වහ වහා සම්පුර්ණ කිරිමයි.


News Articles
Latest Videos
Most Popular Post