මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර සිරගෙදර තිබූ ස්ථානයේ හෝටලයක් සැදීම පිළිබඳ ප්‍රචාර සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ මහනුවර පැවති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය වරයා සඳහන් කළේ බෝගම්බර හිරගෙදර හෝටලයක් ඉදිකරන බවට ඇතැමුන් ගෙනයන ප්‍රචාර සම්පුර්ණයෙන් අසත්‍ය බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ දළඳා වහන්සේ වැඩ සිටින දළඳා මාළිගාව අසළ මාර්ගය වසා දැමීමට පියවර ගනු ලැබුවේ එම මාර්ගයෙන් මස්කඩ හිමිකරුවන්, හරක් ලොරි සහ මස් පිණිස සතුන් ප්‍රවාහණය කිරීම නවතා දැමීමට බවත්ය.