News Line| Off Air
Generic placeholder image

Aug
1

මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්

683 Views


මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට මැදියම්  රැයෙන් අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කොවිඩි නයින්ටීන් වසංගත තත්ත්වය නිසා ඇති වූ සීමාවන් හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබන 03 වනදා තෙක් දීර්ඝ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට ඉල්ලීම් ලැබී තිබුණා.

නමුත් පවතින නීතිමය බාධා හා විවිධ පාර්ශව විසින් එල්ල කළ විරෝධතා හේතුවෙන් ප්‍රචාරණ කාලය දීර්ඝ කිරීමට නොහැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

හෙට මධ්‍යම රාත්‍රි 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීතිවිරෝධී ක්‍රියාවලින් වැළකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.


News Articles
Latest Videos
Most Popular Post