News Line| Off Air
Generic placeholder image

Aug
2

අදත් තද වැසි

786 Views


අදත් තද වැසි

දිවයිනේ සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

වයඹ පළාතේවැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දකුණු පළාතේ, පොලොන්නරුව,මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමන පැ. කි. මි.60 දක්වා තද සුළං ඇති විය හැක.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post