News Line| Off Air| Games
Generic placeholder image

Aug
2

වරාය වෘත්තීය සමිති හා අගමැති අතර අද විශේෂ හමුවක්

524 Views


වරාය වෘත්තීය සමිති  හා අගමැති අතර අද විශේෂ හමුවක්

කොළඹ වරාය සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (02) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව මහතා සඳහන් කළේ පෙරවරු 7.00ට තංගල්ල කාල්ටන් නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවය.

කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව මේ වන විට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබාදීමට විරෝධය පළ කරමින් වරායේ සේවකයින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන අතර සත්‍යග්‍රහය හේතුවෙන් වරායේ සියලු කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාර්ගය පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ලාල් බංගමුව මහතා සඳහන් කළේය.

මේ අතර වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින්ට ඊයේ (01) පස්වරුවේ අධිකරණ නියෝගයක් නිකුත් කළේය.

වරාය පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ අධිකරණ නියෝගය ලබා දී තිබු අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකයින්ව දැනුවත් කළේය.

පසුව අධිකරණ නියෝගයට අනුව අවහිර කර තිබූ වරාය පිවිසුම් මාර්ගය විවෘත කළ ද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරන බව වෘත්තීය සමිති නායකයින් එහිදී සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post