News Line| Off Air
Generic placeholder image

Aug
3

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

633 Views


නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය මුල් කරගෙන සිදුව තිබෙනවා. මේ අතර ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන් වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයක් ලෙස අද දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වනවා.

මේ අනුව අද උදෑසන පටන්ම ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ දාන, සීල, භාවනා ඇතුළු ආගමික වතාවත්වල නිරතවනවා.


News Articles
Latest Videos
Most Popular Post