News Line| Off Air
Generic placeholder image

Aug
4

නිල ජන්ද පත්‍රිකා මිලට ගත් සිද්ධියක් පිලිබදව පුළුල් විමර්ශනයක්

597 Views


නිල ජන්ද පත්‍රිකා මිලට ගත් සිද්ධියක් පිලිබදව පුළුල් විමර්ශනයක්

බේරුවල ප්‍රදේශයේ නිල ජන්ද පත්‍රිකා මිලට ගත් සිද්ධියක් පිලිබදව පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් එක් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවකට රුපියල් 5000 ක මුදලක් ලබා දී එම ජන්ද පත්‍රිකා රැගෙන ගොස් ඇති බවට පුද්ගලයින් දෙදෙනකු ප්‍රකාශ ලබා දී ඇති බවයි පොලිසිය සදහන් කලේ. අදාල මෝටර් රථය මොල්ලිය මලේ පල්ලිය ඉදිරිපිට දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෝටර් රථය පරික්ෂා කිරීමේදී සොයා ගත් මුදල් පසුබිම්බයක තිබී රියදුරු බලපත්‍රයක් ,හැදුනුම්පතක් හා රුපියල් 35,000 ක මුදලක් සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post