News Line| Off Air
Generic placeholder image

Aug
5

අද කාලගුණය

545 Views


අද කාලගුණය

දිවයිනේ සබරගමුව, බස්නාහිර,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමන පැ. කි. මි.(50-60) දක්වා තද සුළං ඇති විය හැකි බවත් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post