News Line| Off Air
Generic placeholder image

Aug
5

ලෙබනනයේ පිපිරීම් තුලින් සිදු වූ හානිය නිසා බේරූට් ආපදා නගරයක් ලෙස නම් කරයි

949 Views


ලෙබනනයේ පිපිරීම් තුලින් සිදු වූ හානිය නිසා බේරූට් ආපදා නගරයක් ලෙස නම් කරයි

ලෙබනනයේ, බේරූට් අගනුවර ඊයේ සිදු වූ පිපිරීම් මාලාවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබෙන බව එරට මධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම 4000 අධික පිරිසක් තුවාල ලබා තිබෙන අතර මෙම පිපිරීම් මාලාව අගනුවර පිහිටි වරාය ආසන්නයේ ඇති ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ බවයි වාර්තා වන්නේ,

මේ වන විටත් එරට ආරක්ෂක අංශ සුන්බුන් වල සිර වී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා. එරට ජනපති Michel Aoun බේරූට් අගනුවර ආපදා නගරයක් ලෙස නම් කර තිබෙනවා. ඒ එම නගරයට මෙම පිපිරීම් මාලාව තුලින් සිදු වූ හානිය සැලකිල්ලට ගනිමින්.


News Articles
Latest Videos
Most Popular Post