News Line| Off Air
Generic placeholder image

Aug
8

මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට

508 Views


මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට

මහ මැතිවරණය අවසන් වීමේන් පසු මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබිජහරණයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

පාසල් ,රාජ්‍ය ආයතන ඇතුළු සියලු ජන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් ස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධිකෂණය යටතේ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකර ඇති බව සඳහන්ය.

මේ අතර පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් තුළ ඩෙංගු මර්දන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post