News Line| Off Air
Generic placeholder image

Aug
8

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යලිත්

635 Views


විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යලිත්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ වෙනවා. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ඒ අනුව ඩුබායි සිට 400 දෙන‍ෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.

මීට අමතරව මාලදිවයින , ඕස්ට්‍රේලියාව , කටාර් , ඕමාන් , බහරේන් , මැලේසියාව , සිංගප්පුරුව මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වල රැඳී සිටින ලාංකිකයන් ද ඉදිරි දිනවලදී දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පසුගිය 4 වැනිදා සිට තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ය.

ඒ , මහ මැතිවරණය හේතුවෙන් ය.


News Articles
Latest Videos
Most Popular Post