අමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ලබන 15වෙනිදා සිට අමුත්තන්ට එම අවසරය සිමාවන්ට යටත්ව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා අසාදිත රැඳවියෙකු හමුවීමත් සමඟ අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබා දීම නතර කළා.