දිවයිනේ සියලු පාසල් අද සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව 5,10,11,12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘත කිරීමට පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.
එමෙනම් පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් පැවැත්වෙන අතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බව සඳුදා දිනයේ 6 වන ශ්‍රේණියත්, අඟහරුවාදා දින 7 වන ශ්‍රේණියත් බදාදා දින 8 වන ශ්‍රේණියත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු පැවැත්වෙනවා. 10 වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු සතියේ දින 05 තුළ ම පැවැත්වෙනු ඇති.