News Line| Off Air
Generic placeholder image

Aug
10

ජෛව විවිධත්ව ගවේෂණ අරමුදල හිමි කර ගත් දකුණු ආසියාවේ පළමු විද්‍යාඥවරිය

414 Views


ජෛව විවිධත්ව ගවේෂණ අරමුදල හිමි කර ගත් දකුණු ආසියාවේ පළමු විද්‍යාඥවරිය

ශ්‍රී ලංකාවට අවේනික ලයිකන විශේෂ 90ක් ඇතුළුව ලෝකයට ලයිකන විශේෂ 123ක් හදුන්වා දුන් ගෝතමී වීරකෝන් මහත්මිය ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ලෙස රැකියාව කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකි.

ඇය විසින් මේ දක්වා පර්යේෂණ පත්‍රිකා 40කට අසන්න ගණනක් ප්‍රකාශයට පත් කර ඇති අතර ලොව ප්‍රමුඛ පෙළ විද්‍යා සහ අධ්‍යාපන ආයතන අතරින් එකක් වන “නැෂනල් ජියොග්‍රැෆික් සොසයිටි” වෙතින් ප්‍රදානය කරන වාර්ෂික ජෛව විවිධත්ව ගවේෂණ අරමුදල හිමි කර ගත් දකුණු ආසියාවේ පළමු විද්‍යාඥවරිය ද වනවා.

ඇය කල පරිෂණ වල ප්‍රතිඵල අනුව 2015 සිට 2017 කාලය ඇතුලත කළ පර්යේෂණ මගින් ග්‍රැෆිඩේසි නමැති ලයිකන පවුලට අයත් ග්‍රැෆිස් ගණයේ ලයිකන 128 ක් හඳුනා ගෙන තිබෙනවා. ඒ අතරින් 106 ක්ම ශ්‍රී ලංකාවෙන් අලුතෙන් වාර්තා වූ ලයිකන විශේෂ වනවා.

මේ අනුව ලෝකයේ තනි රටකින් වැඩිම ග්‍රැෆිස් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post