2020 මහ මැතිවරණයට කලාකරුවන් හා කලාකාරිණියන් දස දෙනකු ඉදිරිපත් වූ අතර එයින් 04 දෙනකු පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඉතිරි 06 දෙනා ම මැතිවරණ තරගයෙන් පරාජයට පත් වුණා.
මේ අනුව මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ රංගන ශිල්පින් වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදී උද්දික ප්‍රේමරත්න මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදී රන්ජන් රාමනායක මහතා, ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය හා රංගන ශිල්පී පියල් නිශාන්ත මහතායි.
එමෙන්ම මැතිවරණයෙන් පරාජයට පත් වූ කලාකරුවන් වන්නේ මධුමාධව අරවින්ද , ඕෂධී හේවාමද්දුම සුජීව සේනසිංහ සහ ගායන හා සංගීත ශිල්පී රූකාන්ත ගුණතිලක රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් කුමාරනායක යන අයයි