News Line| Off Air
Generic placeholder image

Aug
10

දේහ ලක්ෂණ අනුව ගතිගුණ කියන්න පුලුවන්ද ?

518 Views


දේහ ලක්ෂණ අනුව ගතිගුණ කියන්න පුලුවන්ද ?

යම් පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු හෝ ඇයගේ ගතිගුණ ගැන නිගමනවලට එළඹීම සාමාන්‍ය ජන ජීවිතය තුළ බහුලව දැකිය හැකි සිදුවීමක් වුවත් දේහ ලක්ෂණ අනුව ගතිගුණ ගැන නිගමනවලට එළඹීමෙන් ඇතැමුන් වෙනස් කොට සැලකීමද සමාජය තුළ නිතර දක්නට ලැබෙන කරුණක් වනවා.

පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවතින අතර, එය ස්වභාවික පිහිටීම විනා රෝගයක් නොවන බවයි වෛද්‍ය අදහස වන්නේ.

ඒ අනුව එකම පවුලක දරුවන් දෙදෙනෙකු අතර පවා වෙනස්කම් පවතින්න පුළුවන්. නමුත් මේ දේවල් පැවැත එන්නේ ඒ අයගේ මව්පියන්ගෙන්. එනම් ජානවලින්. මේ දේවල් මත යම් කෙනෙකුගේ ගති ලක්ෂණ ගැන තීරණය කිරීම අපහසුයි.

නමුත් මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. මේ විශ්වාස පැවැත එන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. අපේ මුතුන් මිත්තෝ යම් දේවල් නිරීක්ෂණය කර විවිධ විශ්වාස නිර්මාණය කර තිබෙනවා.

දේහ ලක්ෂණ බලා ගතිගුණ කීමේ ‘ඉපැරණි විද්‍යාවක්’ පැවති බව බෞද්ධ පොත් පත්වල පවා සඳහන් කර තිබුනත් නවීන ලෝකයේ දියුණු රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරමින් බොහෝ දේහ ලක්ෂණ වෙනස් කළ හැකි බව නොරහසකි.

මුහුණේ තිබෙන විවිධ ලක්ෂණ, උපන් ලප වගේම රෝම ඉවත් කරන්න හෝ සඟවන්න රූපලාවණ්‍ය ක්‍රමවලින් පුළුවන්. කාන්තා, පුරුෂ දෙපාර්ශවයම දැන් මේ දේවල්වලට යොමු වෙලා ඉන්නවා. ලේසර් තාක්ෂණය වගේම සාම්ප්‍රදායික ක්‍රම අනුවත් මුහුණේ, ඇඟේ ස්වභාවික දේ වෙනස් කරන්න පුළුවන් බැවින් දේහලක්ෂණ බලා නිගමනවලට එළඹීම යල්පැනගිය මතයක් වී තිබෙනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post