රත්රන් වල මිල වැඩිවීමක් සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය මැද රන් වෙළෙඳුන් උපරිම ලාභ ලබා ගැනීමට බලාසිටින මොහොතකය. ඒ අනුව රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට ($2,000) අධික මට්ටමකින් ඉහළගොස් තිබෙනවා.
ඇමෙරිකා එක්සත් ජනපදයේ Covid-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීම සහ විශාල මුදල් සම්භාරයක් ලෝක ආර්ථිකයට එකතු වීමත් සමඟ සිය වත්කම් රත්රන්වලින් තබා ගැනීමට ආයෝජකයන් පෙළැඹී තිබෙනවා.
රත්රන් මිල ඉහල යාමට බලපෑ තව කරුණක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වර්තමානයේ උද්ගතව පවතින ගැටුම්කාරී තත්වයයි.

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළයාම ඇමරිකානු ආර්ථිකය ගොඩගැනීමේ බලාපොරොත්තුව බිඳ වැටීමට හේතු වූ අතර, ඒ හා සමගාමීව මේ වසරෙහි රිදී මිලත් පැවැති මිලට සාපේක්ෂව තුනෙන් එකක මට්ටමින් ඉහල යමින් පැවතුණා.
ඉහත කී පරිදි රන් රිදී මිල ඉහළයාමට තුඩුදුන් හේතු අතර තවත් කරුණක් වන්නේ ලෝකය පුරා ආණ්ඩු සහ මහ බැංකු මගින් ආර්ථික උත්තේජනයක් ඇතිකිරීමේ අරමුණින් ඩොලර් ට්‍රිලියන ගණනක මුදල් මුදාහැරීමත් සමඟ උද්ධමනය යහපත් අතට හැරීමට ඇති ඉඩකඩ සඳහා ආයෝජකයන් සූදානම් වීමයි.
මෙවර නත්තල් සමය වනවිට රත්රන් මිල ඩොලර් දෙදාස් දෙසීයක් ($2,200) තරම් ඉහළ යනු ඇතැයි තමා අදහස් කරන බව විචාරකයන් පවසන අතර රන් පමණක් නොව, රිදී සහ ප්ලැටිනම් මිලත් බෙහෙවින් ඉහළයනු ඇත බව ඔවුන් නිගමන පලකරනවා.
මුලාශ්‍රය – BBC