News Line| Off Air
Generic placeholder image

Aug
12

එ.ජා.ප. නව නායකත්වය සම්බන්ධ තීරණය සිකුරාදා

512 Views


එ.ජා.ප. නව නායකත්වය සම්බන්ධ තීරණය සිකුරාදා

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය පිලිබඳ අවසන් තීරණය අද (12) දැනුම්දීමට නියමිතව තිබුණ ද එය නැවත කල්ගිය බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

දැනට නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව නවීන් දිසානායක, රුවන් විජේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන්ගේ නම් ද අලුතෙන් යෝජනා වී තිබෙනවා.

මින් පෙර පක්ෂ නායකත්වය සඳහා අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන මහත්වරුන් ඉදිරිපත් වී තිබුණා.

ඒ අනුව නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වූ සාකච්ඡාව අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී පැවැත්වුණ අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද නොහැකි වී තිබෙනවා.

නව නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය එළැඹෙන සිකුරාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post