News Line| Off Air
Generic placeholder image

Aug
14

එ.ජා.ප.ය තරුණ නායකත්වයක් යටතට

893 Views


එ.ජා.ප.ය තරුණ නායකත්වයක් යටතට

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමට අද (14) උදෑසන පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

ආරම්භක පියවරක් ලෙස පක්ෂයේ තරුණ නායකයින්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සහ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post