News Line| Off Air
Generic placeholder image

Aug
17

සාගර විද්‍යාව බිහි කළ මුහුඳු ගමන

966 Views


සාගර විද්‍යාව බිහි කළ මුහුඳු ගමන

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ ඇති නෞකාවේ උඩු රැවුලකින් යුත් නයිට්වරයකු නිරූපණය කරයි. නයිට්වරයාගේ දෑස් තුළ දුර බැල්මක් ඇත. මෙම ලී ප්‍රතිමාව නම් ලෝකයේ ඈත කෙළවරට ගමන් කිරීම, සමුද්‍ර විද්‍යාව නැවත සකස් කිරීම, සියලු ආකාරයේ දිය යට සිදුවීම් සොයා ගැනීම සහ සාගර සමඟ සම්බන්ධතාවය පිලිබඳ අධ්‍යනයන් වෙනස් කල යාත්‍රාව වන එච්. එම්. එස්. චැලෙන්ජර් ය.

1872 දෙසැම්බරයේ සිට 1876 මැයි දක්වා කාලය තුළ, මෙම නෞකාවේ සිටි ප්‍රධානියා උතුරු හා දකුණු අත්ලාන්තික් සාගරයේ මෙන්ම පැසිෆික් සාගරයේ ද තරණය කිරීම සිඳු කර විශාල සොයා ගැනීම් රාශියක් හෙළි කරගෙන තිබෙනවා. මෙය 15 සහ 16 වන සියවස්වල සුප්‍රසිද්ධ සොයාගැනීම් වලින් පසු අපේ පෘථිවිය පිළිබඳ දැනුමේ විශාලතම දියුණුව ලෙස ඔවුන් හදුන්වා දෙනවා.

1858 පෙබරවාරි මාසයේදී ප්‍රථම වරට දියත් කරන ලද එච්. එම්. එස්. චැලෙන්ජර්, ලී ආධාරයෙන් රාජකීය නාවික හමුදාවේ යුද නැවක් ලෙස ඉදිකරන ලද්දක් වනවා. එහි දිග මීටර් 61 ක් පමණ විය.

මීට වසර 150 කට පෙර 1870 දී එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු හා සමුද්‍ර සත්ව විද්‍යාඥයෙකු වන චාල්ස් වයිවිල් තොම්සන් ලන්ඩන් රාජකීය සංගමය විසින් සාගරයේ දීර්ග හා සවිස්තරාත්මක ගවේෂණ චාරිකාවක් සඳහා ලෝක සාගර හරහා යාමට සහාය වීමට පෙළඹවීමත් සමඟ එහි වර්තමාන ලෝක ගවේෂණය පිළිබඳ කතාව ආරම්භ වූ බව පැවසෙනවා.

මුහුදු ගමන සඳහා රජයේ අනුමැතිය ලබාගෙන පසුව ගමන ආරම්භ කරන කිරීමට, රාජකීය නාවික හමුදාව මෙම ගමනට සිය ජීවිතයේ පළමු දශකය සක්‍රීය රාජකාරිය සඳහා වැය කළ ශක්තිමත් නෞකාවක් ලබා දී තිබුණ අතර එය නමින් එච්. එම්. එස්. චැලෙන්ජර් වේ. මෙය නව අයුරකින් සකස් කිරීමට නෞකාවේ තුවක්කු 17 න් 15ක් ඉවත් කරන ලද අතර එසේ කරන ලද්දේ යානයේ විද්‍යාගාර සහ වැඩ කාමර සඳහා ඉඩකඩ සැලසීම සඳහා ය.

තවද සංචාරයේ දී එකතු කරනු ලබන සමුද්‍ර සාම්පල සඳහා ගබඩා ප්‍රදේශයක් නැව තුල නිර්මාණය කරන ලදී. 1869 දී සූවස් ඇළ හරහා ගමන් ආරම්භ කළ මෙම නෞකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කලේ කපිතාන් ජෝර්ජ් නාරෙස්ය. මෙයට 200 කට වඩා වැඩි පිරිසක් එක වූ අතර වයිවිල් තොම්සන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් ඔවුන් හා එක විය.

1872 අවසානය වන විට, ප්‍රතිසංස්කරණය කරන ලද චැලෙන්ජර් නෞකාව දෙසැම්බර් 7 වන සෙනසුරාදා එංගලන්තයේ ගිනිකොණදිග වෙරළ තීරයේ ෂර්නස් සිට පිටත් වූ අතර පසුව පුරා මාස 42 තුළ නැව සමුද්‍ර ජීවීන්, සාගර ගැඹුර මැනීම සහ ජල උෂ්ණත්වය මැනීම වැනි පරීක්ෂණ කටයුතු වල නිරත විය.

මෙම පරීක්ෂණ, ලෝකයට සාගර විද්‍යාව නව විෂයක් ලෙස ඉදිරිපත් කිරීමට සමත්වූ මුල් පියවර ලෙස සැලකිය හැකිය.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post