News Line| Off Air
Generic placeholder image

Aug
17

ලෝකය ආක්‍රමණයකල ජපන් ක්‍රීඩාව

1241 Views


ලෝකය ආක්‍රමණයකල ජපන් ක්‍රීඩාව

නිරෝධායන සහ සමාජ දුරස්ථභාවය හේතුවෙන් නිවෙස්වලම සිට වැඩ කරගත හැකි පහසු ක්‍රම පිළිබඳව මිනිසුන් සිතන්නට පෙළඹුණි. කොවිඩ් -19 නිසැකවම මෙම සමාජ ඩිජිටල්කරණය වේගවත් කළ නමුත් එය එය නිර්මාණය කළේ නැත. මෙම සංසිද්ධියේ බීජ දශක ගණනාවකට පෙර මල් හට ගත් නමුත්, කොවිඩ් 19 ලොව ආක්‍රමණය කිරීමත් සමඟ මෙය ඉක්මන් වීමක් සිඳු විය. මෙයට හොඳම උදාහරණය ලෙස පොක්මොන් හැඳින්විය හැකියි.

පටන් ගැන්මේදී මෙම කතාව හදුන්වන ලද්දේ පොකට් මොන්ස්ටර්ස් යන නමින් වුවත් මේ වන විට එහි කෙටි යෙදුම වන පොක්මොන් මුළු ලොව පුරා ජනප්‍රිය වී ඇත. මෙසේ ජනප්‍රිය වීමට හේතුව වන්නේ මෙය වීඩියෝ ක්‍රීඩාවක් පමණක් නොව වෙළඳ කාඩ්පත් එකතුවක් සහ සජීවිකරණ කතා මාලාවකින්ද සමන්විත වීමයි.

1996 දී ආරම්භ කරන කතා මාලාව 1998 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදයේ විකාශනය කරන ලදී. එය ජපානයේ නිෂ්පාදිත වුවද, 21 වන සියවස ආරම්භ වන විට එය නොදන්නා කෙනෙක් මුළු ලෝකයේම නොමැති තරම් විය.

මින් වසරකට පසුව, පොක්මොන් ගිම්හාන පුහුණු චාරිකාවක ආරම්භය ලෙස තෝරාගත් මිනියාපොලිස් සාප්පු මධ්‍යස්ථානයක් තුලට 55,000 ක් පමණ පිරිමි ළමුන් හා ගැහැණු ළමයින් ප්‍රමාණයක් සහභාගී වීමට පැමිණ තිබෙනවා. 1999 අවසානයේ නින්ටෙන්ඩෝ නිවේදනය කළේ මෙමගින් ඒ වන විට ඩොලර් බිලියන 5 ක් උපයා ඇති බවයි.

මේ උමතුව වීඩියෝ ක්‍රීඩාවට පමණක් සීමා නොවී පොක්මොන් සන්නාමය කෙතරම් ජනප්‍රිය වීද යත් එක්සත් රාජධානියේ බොහෝ පාසල් සිසුන්ට පොක්මන් කාඩ්පත් වෙළඳාම තහනම් කිරීමද සිදු කර තිබුණා.

පොක්මොන් පළමු චිත්‍රපටය 1999 දී සතියේ දිනවල එක්සත් ජනපද සිනමාහල් වල තිරගත වූ විට, බොහෝ ළමයින් පාසැලේ සිට එහි ගීතය සත්‍ය ලෙසම වාදනය කළ අතර එය එවකට නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් “පොක්ෆ්ලු” ලෙස නම් කර තිබුණා.

90 දශකයේ මුල් භාගය වන විට නින්ටෙන්ඩෝ හොලිවුඩයේ හොඳම චිත්‍රාගාර පහට වඩා වැඩි මුදලක් උපයමින් තිබු අතර ඔවුන් අතර ප්‍රධාන වූයේ 1983 කඩා වැටීමකදී එක්සත් ජනපදයේ ගෘහස්ථ සූදු ක්‍රීඩාවක් බවටද පත්වීමයි. එම වසරේම ජපානයේ නව නිපැයුම් කරන ලද නින්ටෙන්ඩෝ එන්ටර්ටේන්මන්ට් සිස්ටම් වසර දෙකකට පසුව 1985 දී බටහිර රටවල් වලටද මෙය හදුන්වා දුනි.

මෙසේ ලෝකය පුරා ව්‍යාප්ත වූ පොක්මොන් වෙත ඇගිල්ල දිගු කල බොහෝ දෙනෙක් සිටියත් සිත්ගන්නාසුලු කරුණක් වුයේ මේ හේතුවෙන් බොහෝ ළමයින් වැඩි වැඩියෙන් ගෘහස්ථව රැඳී සිටීමට පෙළඹී ඇති බවයි. මෙම ක්‍රීඩාවේ වසර ගණනකට පෙර තිබු ළමයින්ගේ සුන්දර එළිමහන් ජීවිතය ඇතුලත් කර ඇති නිසා එසේ එය බොහෝ ළමයින්ට නාගරීකරණය හේතුවෙන් අහිමිවූ පරිසරය නැවත ලැබීමක් ලෙස හදුන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post