ඔබත් සාමාන්‍ය ජනතාව අතරින් කෙනෙක් නම් සමහර විට මින් පෙර ඔබට රොබෝ යන්ත්‍රයක් හමු නොවී තිබිය හැක. නමුත් නුදුරේදීම ඔබට රොබෝ යන්ත්‍ර හා වැඩ කිරීමට සිදුවනු නිසැකය.
කෘතිම බුද්ධිය ලෝකය ඉතා වෙනස් ස්ථානයක් කරා මෙහෙයවමින් යන බවක් මේ වන විට දක්නට ලැබෙනවා. එනම් පරිපථ පුවරු, වයර් මගින් පාලනය වන නමුත් මිනිස් ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාකාරකම් කල හැකි නිර්මාණ බිහිකිරීමයි.
20 වන ශතවර්ෂයේ ඉපදුන කුඩා දරුවෙකු වැඩෙන විට කවදාහෝ රොබෝවෙකු මුණගැසෙනු ඇතැයි බලාපොරොත්තු සිත තුල සිහිනෙකින් හෝ තිබුනා යැයි පැවසිය නොහැක නමුත් අද වන විට මෙම තත්වය සම්පුර්ණයෙන්ම කණපිට හැරුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා.
2020 වන විට දී රොබෝවරු වෝල්මාර්ට් හි ඉන්වෙන්ටරි සහ පිරිසිදු කිරීම සඳහා දැනටමත් යොදාගෙන තිබෙනවා. ඔවුන් භාණ්ඩ ගබඩා කිරීම්, තැපැල් කිරීම සිඳු කරන අතර ඉවුම් පිහුම් කටයුතු වලදී ආහාර ද්‍රව්‍ය කැපීම සඳහා යොදාගෙන තිබෙනවා.

තවත් සමහර රොබෝ යන්ත්‍ර දේශසීමා වල මුර සංචාරයේ යෙදෙන අතර ඊශ්‍රායලයේ හැරොප් ඩ්‍රෝන් යානය ඔත්තු බැලීම් වලට අමතරව සතුරු යැයි සිතන ඉලක්ක වලට පහර දීම සිදුකරයි.
COVID-19 වසංගතයත් සමඟ හදිසියේම, මිනිසුන් වෙනුවට රොබෝවරු ආදේශ කිරීම විශාල වශයෙන් සිදු වූ අතර එය ලොව පුරා බහුතරයක් දෙනා අකමැති අදහසක් බවට පත්වී තිබෙනවා.
මෙසේ රොබෝවරු බහුලව භාවිතා වන රටක් ලෙස එංගලන්තය හැදින්විය හැකි අතර මිල්ටන් කේන්ස් හි ආහාර ලබා දීම, ඩලස් රෝහලක සැපයුම් ලබා දීම ඉන් කිහිපයකි. මිට අමතරව චීනයේ හා යුරෝපයේ රෝගීන්ගේ කාමර විෂබීජහරණය කිරීම සහ සිංගප්පූරුවේ උද්‍යානවල සැරිසැරීම, පදිකයින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා පෙළඹවීම වැනි දේවල් සඳහා අද වන විට රොබෝවරු යොදාගෙන තිබෙනවා.

මෙය COVID- 19 වලට පෙර සිටම ගෝලීය ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ 2019 වර්ෂයේ දී රොබෝ නිෂ්පාදකයින්, මෙසේ මිනිසුන් වෙනුවට ආදේශ කල හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට පියවරගෙන තිබෙනවා. නමුත් මේ වන විට රොබෝ යන්ත්‍ර බොහෝ දුරට යොදාගනු ලබන්නේ සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහායි.
මුලාශ්‍රය – National Geographic Magazine