News Line| Off Air
Generic placeholder image

Aug
19

නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට සැරසෙයි

896 Views


නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට සැරසෙයි

මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කලේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ඒ අනුව එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාව සංශෝධනය කරන අතර ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙරට ආර්ථික රටාව,රැකියා වෙළඳපොළ ආදි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට නියමිත බවයි.

ඒ සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

මහචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ අධ්‍යාපන වෘත්තිකයන්,සිසුන්,ව්‍යාපාරිකයින්,විවිධ කාර්මික ශිල්ප ශ්‍රේණිවල නිරත වූවන්ගේ අදහස් හා යෝජනා මේ සඳහා ලබා ගන්නා බවයි. මීට අමතරව නව විෂය නිර්දේශය හරහා වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් ළමා මනසට එල්ල වන දැඩි පීඩනය තුරන් කිරීමට ද සැලසුම් කර තිබේ.

නව විෂය නිර්දේශය ලබන වසරේදි පාසල්වලට හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post