News Line| Off Air
Generic placeholder image

Aug
19

කලිසම් වාටියේ සගවා මහර හිරගෙදරට මත්කුඩු

1426 Views


කලිසම් වාටියේ සගවා මහර හිරගෙදරට මත්කුඩු

මහර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් බැලීම සදහා ඊයේ (18) පෙරවරුවේ පැමිණි කාන්තාවක් බන්ධනාගාරය තුල සිටින සැකකරුවෙකු වෙත මත්කුඩු ලබා දීමට තැත් කර තිබෙනවා.

ඒ කලිසම් වාටියක සගවා සුක්ෂම අයුරින් රැගෙන ආ මත්කුඩු පැකට් 02ක් වන අතර එය ලබා දීමට උත්සාහ කරන අවස්ථාවේදී එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිළධාරින් සමත් වී තිබෙනවා.

සැකකරු හට මෙලෙස සුක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය ලබාදිමට උත්සාහ කර ඇත්තේ ඔහුගේ බිරිද වන අතර ඇයද මීට පෙර සොරකම් නඩුවක් සදහා බන්ධනාගාරගතව සිට මීට මාස 06 ට පමණ නිදහස ලැබු කාන්තාවක් වනවා.

පසුගිය 15 වැනිදා සිට රැදවියන් සදහා අමුත්තන් පෙන්විමේ කටයුතු නැවත ආරම්භ විමත් සමග, එම කටයුතු සදහා තෝරාගත් නිළධාරින් පිරිසක් පමණක් යෙදවීමට කටයුතු කර තිබෙනවා. රාජකාරියේ නියුතු නිළධාරින්ගේ දැඩි විමසිලිමත් භාවය හේතුවෙන් මෙසේ සුක්ෂම අයුරින් බන්ධනාගාරය තුලට රැගෙන ආ මත්කුඩු සිය භාරයට ගැනිමට සමත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා අදාල කාන්තාව සහ මත්කුඩු පැකට් 02 රාගම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post