මවුපියන් විසින් ප්‍රතික්ෂේපිත අලුත උපන් බිළිඳුන් හෝ වයස අවුරුද්දට අඩු ළමයින් විවිධ ස්ථානයන්හි අතහැරදමා යාම වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ගෙන ඇති පියවරක් ලෙස ප්‍රතික්ෂේප කරන දරුවන් භාර ගැනීමේ කවුළු ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
පළාත් 9හි ප්‍රධාන රෝහල් 9ක ළමා රෝග අංශයට අනුබද්ධව මෙම අවුළු ඇති කිරීමට එම අධිකාරිය විසින් සැලසුම් කර ඇති අතර ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.