කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා.
පෙත්සම්කරුවන් පරීක්ෂණ අතරතුර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලෙසත් පොලීසියට නියෝග කළ අභියාචනාධිකරණය ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන ලෙසට ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන කරනු ලැබුවා.
කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේය යන චෝදනාවට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.