News Line| Off Air
Generic placeholder image

Aug
25

2100 දී ලංකාවේ ජනගහනයේ වාර්තාගත පසුබෑමක්?

840 Views


2100 දී ලංකාවේ ජනගහනයේ වාර්තාගත පසුබෑමක්?

2100 වසර වන විට ලංකාවේ ජනගහන වර්ධනය 50% කින් පහල බසිනු ඇති බවට කරන ලද සමීක්ෂණයක් ඇසුරෙන් පෙන්වා දී තිබෙනවා. සාඵල්‍යතා අනුපාතය සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත් වී තිබෙනවා.

සාඵල්‍යතා අනුපාතය අනුව එනම් එක් කාන්තාවක් බිහි කරන දරුවන් ගණනේ සාමාන්‍ය අගය 2017 වසරේදී 1.80 ක් ලෙස පවතිනු ලැබූ අතර ඉදිරි වසර 80 ක කාලය තුල මෙම අගය 1.46 දක්වා පහල යනු ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙනවා. මේ අනුව ඕනෑම රටක මෙම සාඵල්‍යතා අනුපාතය 2.1 ක අඩු අගයක් ගන්නේ නම් එම රටේ ජනගහනය පහල යෑමක් සිදුවන බව පැවසෙනවා.

මෙසේ මෙවැනි තත්වයකට හේතු වී තිබෙන්නේ ආර්ථික තත්වය , සමාජීය ගැටළු හා මව්පියන්ගේ වෘත්තීය තත්වය ආදිය සදහන් කරන්නේ පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post