News Line| Off Air
Generic placeholder image

Aug
25

සිමෙන්ති අරන් ගියේ වතුර නතර කරන්න

1601 Views


සිමෙන්ති අරන් ගියේ වතුර නතර කරන්න

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් පවතින ඉතා හැගීම්බර පුවතක් පිලිබඳ අප සොයා බැලුවා.

අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න හිතෙන්නේ කීයෙන් කී දෙනාටද ? නැති බැරි මිනිසුන් දැක්කම උදව්වක් කරන්න හිතෙනවා කියන්නේ ඒ මනුස්සයා කොතරම් පරාර්ථකාමී කෙනෙක්ද. මේ ඒ වගේ කතාවක්.

පෙනුමෙන් නම් වයස අවුරුදු 12ක් විතර දරුවෙක් බාල්දියක් අරන් ඇවිත් ඉතුරු වුන සිමෙන්ති ඉල්ලුවොත් ඒ මොන වගේ වැඩකට වෙන්න පුලුවන්ද ? සෙල්ලමට ? හැබැයි මේ ළමයා තමන්ගේ නිවස හදා ගන්න ඉතුරු වෙන සිමෙන්ති පස් වගේ දේවල් ගෙදරට අරන් ගිහින් තියෙනවා. කවුරුවත් හොයල බලල නැහැ ඒ ඇයි කියල. ඔහු ජිවත් වන ගමේ මිනිසුන් පවා හොයල බලනවා වෙනුවට මේ දරුවාව විහිළුවකට ලක් කරලා තිබුනේ.

ඒ විතරක් නෙමෙයි මොහුට උගන්වන ගුරුවරු පවා උගන්නනවා වෙනුවට පාසල් නොපැමිණෙන ලෙස පවසා තිබුණා. හේතුව මොහු ඉගෙනීමට දක්ෂ දරුවෙක් නොවන බවයි ගුරුවරුන්ගේ අදහස.

සමාජෙන් කොන් වෙලා වගේ හිටපු මේ දරුවට උදව් කරන්න ලංකාවේ තරුණයන් පිරිසක් සමත් වෙලා තිබෙනවා. මොහු සිමෙන්ති අරන් ගිය හේතුව සොයා බැලුවම මොවුන්ට දැනගන්නට ලැබිලා තියෙන්නේ වර්ෂාව හේතුවෙන් නිවස තුළට වතුර පැමිණීම නතර කිරිමට පඩියක් සෑදීමට මෙසේ රැගෙන බවයි.

අශාන් සිරිවර්ධන ප්‍රමුඛ මෙම තරුණයන් පිරිස නිවස සාදා දීමට තීරණය කර ඇති අතර දරුවාව බැලීමට ගොස් ඇත්තේ ඇඳුම් පැළදුම් හා ඔහු කැමතිම රසකවිලිත් සමඟයි. මොවුන් අගෝස්තු තිස් වනදාට පෙර නිවස සාදා නිම කිරීමට තීරණය කර ඇති අතර ඔහු පාසල් ගොස් අවසන් වන තුරු ඔහුට අවශ්‍ය වියදම් දැරීමට මොවුන් බාරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post